Image

සිරිසේනට නඩු පිට නඩු : රංගේ බණ්ඩාර සහ පියසේන නඩු මගට !

සිරිසේනට නඩු පිට නඩු : රංගේ බණ්ඩාර සහ පියසේන නඩු මගට !

අමාත්‍යංශ ලබානොදීම සම්බන්ධව පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට නියමිත බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරයාට සමීප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එළඹෙන ජනවාරි මාසයේ අධිකරණ කටයුතු ආරම්භවූ වහාම ජනාධිපති සිරිසේනට එරෙහි මූලික අයිතිවාසිකම් කඩකිරීමට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකිරීමට නියමිතව ඇත.

මේ සම්බන්ධව අද වන විටත් අවශ්‍ය නීති උපදෙස් ලබාගෙන ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරන අතර ජනාධිපති සිරිසේනගේ පෞද්ගලික අමනාපයක් මත සිදුකරන පළිගැනීමක් වශයෙන් මේ ක්‍රියාව පෙනීයන බවද සඳහන් කරයි.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඔක්තෝබර් 26 වනදා ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය දියත්කරමින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අල්ලස් දී කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්කර ගැනීමේ සූදානම අනාවරණය කිරීම හැර රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරය ලබානොදීමට වෙනත් කිසිඳු හේතුවක් නොමැති බවය.

කුමන්ත්‍රණය වෙනුවෙන් පිල්මාරුවට අල්ලස්දීමේ උත්සාහය අනාවරණය කිරීම

මේ කරුණ සම්බන්ධව පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා පටිගත කල දුරකථන සංවාද සහිත සාක්ෂි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටි අතර ඒ දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලද මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබූ සිදුවීමක් විය. ඒ ජනාධිපති සිරිසේන මෙන්ම ඔහුගේ මන්ත්‍රීවරුන් සෘජුව මේ සඳහා මැදිහත්ව සිටි බව අනාවරණයවූ නිසාය.

ඒ අනුව ඉතා පැහැදිළිව පෙනී යන්නේ ජනාධිපති සිරිසේන තමන් කළ නින්දිත ක්‍රියාව අනාවරණය කිරීම නිසා අමාත්‍යධුර ලබානොදී පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා වෙතින් පළිගනිමින් සිටින බවය.

පියසේන ගමගේ නඩු මගට :

මේ අතර සිරිසේන ජනාධිපතිගේ පෞද්ගලික ආරෝව හේතුවෙන් තමන්ට ලැබීමට නියමිත අමාත්‍ය ධුරය ලබානොදී සිටින බව සඳහන් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පියසේන ගමගේ ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න