සිරිසේන ජනාධිපති අඛණ්ඩව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.
ඒ 19 වන සංශෝධනයේ 51 වගන්තියෙන් ජනාධිපතිට පවරා ඇති විෂයන් සහ කාර්යයන්ට අමතර දේ ජනාධිපති තබා ගැනීම හරහාය.
මේ සම්බන්ධව අදහස් දක්වන නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 51 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට තබා ගත හැක්කේ රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂයයන් සහ ඊට අයත් කාර්ය භාරයන් පමණක් බවත් ඊට පරිභාහිරව වෙනත් විෂය සහ කාර්යයන් ජනාධිපතිවරයා තබා ගෙන සිටීනම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිතා මතා උල්ලංඝනය කිරීමක් බවය.
පසුගියදා මේ සම්බන්ධව නීතිඥ එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීද අදහස් දැක්විණ.
මේ වන විටත් සිරිසේන ජනාධිපති පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමේ සූදානමක් සම්බන්ධවද වාර්තා වෙයි. කෙසේ වුවත් පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් වෙන් කර නීතිය හා සාමය අමාත්‍යාංශය යටතට පත්කෙළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ ඔහු විසින් පත් කළ LLRC කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව මහින්ද රාජපක්ෂවත් නොකළ ආකාරයට අද සිරිසේන ජනාධිපති විසින් කටයුතු කරන බව ඒ අනුව පැහැදිලි වෙයි.
ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ පෙන්වාදෙන ආකාරයට නීතිය හා සාමය යන විෂයට අයත් පොලිසිය ජනාධිපතිවරයාට අනුමත රාජ්‍ය ආරක්ෂාව විෂයට ඇතුලත් කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන අතර දැනටමත් ජනාධිපතිවරයා යටතේ එවැනි ආයතන තබා ගෙන සිටීම පවා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙයි. වැලිඅමුණ මහතා ඊට උදාහරණ ලෙස දක්වා සිටියේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, පදනම් ආයතනය වැනි ආයතන ජනාධිපතිවරයා යටතේ තබා ගෙන සිටීම ය. අභියෝග නොකළා කියා ජනාධිපතිගේ ක්‍රියාව නීත්‍යාණුකූල වන්නේ නැතැයිද වැලිඅමුණ මහතා අවධාරණය කෙළේය.
පසුගිය දිනවල සිදුවූ ව්‍යස්ථා ඇන හිටීමෙන් එළියට ඒමට හැකි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත වුවද සමස්ථයක් ලෙස ඉන් එළියට ඒමට දිගු කාලයක් ගත වන බව කී වැලිඅමුණ ජනාධිපති නීතිඥවරයා එසේ එළියට ඒමට හැකිවන්නේ ද ප්‍රශ්නය ඇති කළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අනෙක් ස්ථම්භ දෙක සමග සහයෝගයෙන් කටයුතු කළහොත් පමණක් යැයි ද පැවසීය.
එසේ නොමැතිව විධායකය අත්තනෝමතිකව තවදුරටත් ක්‍රියා කළහොත් තවත් ව්‍යවස්ථා අර්බුදයක් ඇති වන බවත් එවැන්නක් නිසැක වශයෙන්ම මහ මග විසඳා ගැනීමට සිදුවන බවත් වැලිඅමුණ මහතා අනතුරු ඇඟවීය
ජනතාවත් ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි
මෙහිදී වැලිඅමුණ මහතා අවධාරණය කළ වැදගත්ම කාරණයක් වන්නේ ව්‍යවස්ථාවට ගරු කළ යුත්තේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පමණක් නොව මහජනතාවද ව්‍යවස්ථාවට ගරු කළ යුතු බවයි. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවක් පත් වීමෙන් පසු යළිත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුත්තේ වසර 4 හමාරකට පසුව යැයි ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නම් ඊට පෙර මැතිවරණ ඉල්ලා උද්ඝෝෂන කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකැයි පැවසූ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ අවශ්‍ය නම් එකී නීතිය වෙනස් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂනය කිරීමට ජනතාවට හැකි බවත් එවැන්නක් නීත්‍යාණුකූල ද බවයි.
19 වෙනි සංශෝධනයේ කිසිදු අවුලක් නැතැයි කී වැලිඅමුණ මහතා එහි අවුලක් ඇතැයි කීවේ ව්‍යවස්ථා නීතිය ගැන නොදන්නා අය යැයිද සත් පුද්ගල විනිසුරු මඩුල්ල පසුගිය තීන්දුව දුන්නේ තනියම නොවන බවත් ජනාධිපති නීතිඥවරුන් 20 දෙනෙකුත් කණිෂ්ඨ නීතිඥවරු 42 දෙදෙනෙකුත් ඊට සහභාගී වූ බවද හෙළි කෙළේය.
19 සමග ජනාධිපතිට බැරි නම් ඔහු අස්විය යුතුයි
මෙකී මාධ්‍ය හමුව ඇමතූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා කතා කරමින්, 19 වෙනි සංශෝධනය අනුව රට පාලනය කිරීමට නොහැකි බවත් එය සංශෝධනය කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසා ඇති අතර ඒ එසේ නම් ඔහු කළ යුත්තේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නොව තනතුරින් ඉල්ලා අස්වීම යැයි අවධාරණය කෙළේය.
“ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හොඳ නැතැයි කෑ ගසමින් ඉන්න බෑ. ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දිව්රුම් දීලා ආ මනුස්සයාට ඒක ආරක්ෂා කරන්න බැරිනම් එයා ඉල්ලා අස්වෙන්න ඔ්නේ. අස්වෙලා ගිහිල්ලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක් එන්න ඔ්නේ.” ලාල් විජේනායක මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ජනාධිපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ, ලාල් විජේනායක, අජිත් පී පෙරේරා, සුනිල් වටගල, ප්‍රබෝධ යන නීතිඥ මහත්වරුන් සහභාගී වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
