Image

වසර 10ක සංවර්ධනය මාස 10න් සිදුකරනවා - සජිත්

වසර 10ක සංවර්ධනය මාස 10න් සිදුකරනවා - සජිත්

වසර 10 ක් තුළදී සිදු කිරීමට නියමිත ජනතා සංවර්ධනය ඉදිරි මාස 10 ක කාලය තුළ සිදු කිරීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (20) දින සහභාගී වෙමිණි.

රාජ්‍ය සම්පත් හා රාජ්‍ය දේපළ අවභාවිත නොකර අපට හිමිවන සියලුම වරදාන, වරප්‍රසාද මෙරට අසරණ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කැප කළ යුතු බව කී අමාත්‍යවරයා අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් උදෑසන 8 සිට සවස 5 දක්වා පමණක් නොව පැය 24 පුරාම ජනතා සේවය වෙනුවෙන් කැපවිය යුතු බවද සඳහන් කළේය.

ඉදිරි කාලය තුළ නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම සංස්කෘතික කටයුතු ක්ෂේත්‍රයේද දැවැන්ත සංවර්ධනයක් දියත් කිරීම තම අරමුණ බව අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.

මෙම උත්සවය සෙත්සිරිපාය, දෙවන මහළේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙහිදි අමාත්‍යවරයා වැඩභාර ගැනීමේ අවස්ථාවට සමගාමීව කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතාට පුද්ගලි ආධාර ඇතිව රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කිරීම ද සිදු විය.

පසුගියදා තායිලන්තයේ පැවැති 10 වන ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේ කිලෝ ග්‍රෑම් 100 ට වැඩි බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීම නිමිත්තෙන් ඔහුගේ ඉදිරි වැඩකටයුතු සඳහා ලූෂන් පුෂ්පරාජ් මහතාට මෙම මුදල පරිත්‍යාග කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න