නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමඟ ජනාධිපතිවරයා සමඟ සමුහ ඡායාරූපයක් ගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය වන නමුත් මෙවර එවැන්නක් සිදුව නැති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදුවුවත් ජනාධිපති සමඟ ඇති දේශපාලන ගැටුම හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබේ. එසේම මෙවර අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දෙන අවස්ථාව මාධ්‍ය වෙත අහිමි කිරීමටද සිරිසේන ජනාධිපති කටයුතු කර තිබිණ.
තවද නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් හමුව ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (20) පවත්වා ඇති නමුත් එයද විනාඩි 20 කට පමණ සීමා වූ බවත් වාර්තා වෙයි.
මේ අනුව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ජනාධිපති සිරිසේනගේ පෞද්ගලික කෝන්තර හේතුවෙන් අමාත්‍ය මණ්ඩල තීන්දු තීරණ පවා ඉදිරියේදී ප්‍රශ්නකාරී වනු ඇති බවය. එසේම එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති සිරිසේන සමඟ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ සූදානමක් ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ සිරිසේන ජනාධිපති තවදුරටත් ප්‍රතිවිරෝධතා උත්සන්න කරන ප්‍රතිපත්තියක සිටින බවද දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
