රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (16) රාත්‍රියේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
එහිදී භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට යාම සම්බන්ධව මතුවී ඇති තත්ත්වය, පක්ෂය සමඟි කිරීම, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි මැතිවරණ සම්බන්ධවත් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධව සිටින ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයින් මෙම හමුව සඳහා සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
