ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවයට ආණ්ඩුව විසින් වස සහිත කිරිපැකට් බෙදාදී ඇති බවට ඉදිරිපත් කල කිරිපැකට්වල කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නොමැති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇති බව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසයි.
අද(08) බදුල්ලේ ප්‍රදේශයේ දී මාධ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියොජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒකාබද්ධ විපක්ෂය හා පොහොට්ටුව විසින් මේ සම්බන්ධව කොළඹ කොටුව පොලීසියට වෙත පැමිණිල්ලක් සිදු කර අතර කිරි පැකට් කිහිපයක් ද ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පසුව ඒසේ ඉදිරිපත් කළ කිරි පැකට්වල කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නැති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණ වී ඇති බවත් මේ තුළින් අනාවරණය වන්නේ පසුගිය මස 05 වනදා පැවති විරෝධතාවයේ අසාර්ථකත්වය වසා ගැනීමට බවත් උත්සහයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
