Image

ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර විනාශ කරනවා - ට්‍රම්ප්ගෙන් නවතම අනතුරු ඇඟවීමක්

ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර විනාශ කරනවා - ට්‍රම්ප්ගෙන් නවතම අනතුරු ඇඟවීමක්

ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (02) රාත්‍රියේ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළේ ය.

මෙය ඉරානයට එරෙහිව සිදුවන යුද මෙහෙයුම් මාලාවේ යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල කළ නවතම තර්ජනය ලෙස සැලකේ.

තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අමෙරිකානු හමුදාව මෙතෙක් ඉරානය සතු සම්පත් විනාශ කිරීම ආරම්භ කර නොමැති බවයි.

"අමෙරිකානු හමුදාව ඉරානයේ ඉතිරිව ඇති දේ විනාශ කිරීම තවමත් ආරම්භ කළේවත් නැහැ. ඊළඟට ඉලක්ක කරන්නේ පාලම්, ඉන්පසු විදුලි බලාගාර," යනුවෙන් ට්‍රම්ප් එහි සඳහන් කර තිබුණි.

එමෙන්ම ඉරාන නායකත්වය විසින් කළ යුතු දේ ඔවුන් දන්නා බවත්, එය ඉතා ඉක්මනින් (FAST!) කළ යුතු බවත් ඔහු සිය සටහන මගින් අවධාරණය කර ඇත.

මේ වන විටත් ඉරානයේ කරාජ් (Karaj) ප්‍රදේශයේ පිහිටි එරට උසම පාලමක් වන 'B1 පාලම' අමෙරිකානු ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය සිවිල් වැසියන් ඉලක්ක කර සිදු කරන්නක් බව පවසමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ ඉරාන විදේශ අමාත්‍යවරයා සිය විරෝධය පළ කර ඇත.

 

මූලාශ්‍ර

Trump threatens to strike Iran's bridges and electric power plants

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න