Image

ඩී. කේ. පී. දසනායක නම් උක්කුං බබා

ඩී. කේ. පී. දසනායක නම් උක්කුං බබා

මාර්තු 31වන දා කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවති උදය ගම්මන්පිල විසින් රචිත ' පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සොයා යෑම" ග්‍රන්ථය එළි දක්වන ලද උත්සවයේ දී හිටපු නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් වරයෙකු වූ ඩී. කේ. පී දසනායක නම් උක්කුං බබා 2015 යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු

දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත කිසිදු පදනමක් නොමැතිව රණවිරු දඩයමක් ලෙස ඔහුව අත් අඩංගුවට ගත් බව ප්‍රකාශ කරමින්, එල්. ටි ටි ඊ සංවිධානය පරාද කිරීම සඳහා විශාල කාර්ය භාරයක් සිදු කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව එම සංවිධානයට ආයුධ ලැබෙන මාර්ගය වූ ආයුධ රැගෙන පැමිණි එල් ටී ටී ඊ බෝට්ටු ගිල්වා දැමීම නිසා නාවික හමුදාව සමග එල් ටී ටී ඊ සංවිධානය සහ දෙමළ ඩයස්පෝරාව දැඩි වෛරයකින් පසු වූ නිසා ඔහුව නිරපරාදේ අත් අඩංගුවට පත් වූ බව ප්‍රකාශ කරමින් එම ශාලාවේ රැස් වී සිටි බහුතර සිංහල බෞද්ධ වර්ගවාදී අය අමන්දානන්දයට පත් කරමින් වහසි බස් දොඩමින් තොලේ කටේ නොගෑවී මුසා බස් දෙඩී ය.dasaඩී. කේ. පී දසනායක

කප්පම් ගැනීම සදහා තරුණයින් 11ක් පැහැර ගැනීම

කප්පම් ගැනීම සදහා තරුණයින් 11ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන්, එම අතුරුදන් වූ දරුවන් ගේ දෙමාපියන් අදාළ අංශ වෙත කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදු වෙමින් පැවැති අතර රාජපක්ෂ යුගයේ රණවිරු ලේබලයට මුවා වී ඕනෑම අපරාධයක් කිරීමෙන් වහං වි සිටිය හැකි බව මේ උක්කුං සිතයි.

භාර්යාව ගේ ඇවිටිලි නිසා දසනායක බේරාගත් කරන්නාගොඩ

එහෙත් මොහුට විරුද්ධව මේ අතුරුදන් කිරීම සම්බන්ධ තොරතුරු එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන්නේ එකල නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ය. නමුත් පසුව කරන්නාගොඩ ගේ භාර්යාව ගේ දැඩි ඇවිටිලි නිසා වසන්ත කරන්නාගොඩ ද ඩී. කේ පී. දසනායක බේරා ගැනීම සඳහා කටයුතු කළේ ය.

gota

එහෙත් 2015 යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු කරන ලද විමර්ශනවලින් දසනායක ගේ නායකත්වයෙන් යුත් නාවික හමුදා කණ්ඩායමක් මගින් මෙම තරුණයින් 11 දෙනා කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන ගොස් ත්‍රිකුණාමලය ගන් සයිඩ් කදවුර තුළ රදවා ගෙන සිටි බවට ද ඇසූ දුටු සාක්ෂි කරුවන් පවා ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දී ඇත.

පසුව වැඩේ බොර වූ බැවින් විදෙස්ගත වීම සඳහා සූදානම් ව සිටි මෙම තරුණයින් 11 දෙනා අතුරුදහන් කර ඇත.

රාජපක්ෂ යුගයේ රණවිරුවෝ යනු...

රාජපක්ෂ යුගයේ ඕනෑම කුපාඩිකම්, මිනීමැරුම් ස්ත්‍රී දූෂණ සහ ඕනෑ ම අපරාධයක් කර රණවිරු යැයි ගැලවී සිටිය ද, මෙවන් අපරාධකාරයින් නීතියේ රැහැනට හසු කර නොගත යුතු බව ද උක්කුං බබා ප්‍රකාශ කරයි. මෙවන් තරුණයන් කප්පම් ගැනීම සදහා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පමණක් නොව කප්පම් ගැනීම් රාශියක් ද මොවුන් විසින් සිදු කර ඇත

RajapaksaFamily

මෙවන් අපරාධ චෝදනා ලැබූ අයෙක් සිය කෘතිය ජනගත කිරීමේ අවස්ථාවේ දේශකයෙකු වශයෙන් සහභාගී කර ගැනීම ගැටලු සහගත තත්වයක් වේ. මේ ආණ්ඩුව පැමිණීමෙන් පසුව ද රණවිරු දඩයම නැවතත් සිදු කරන බවටත් මේ උක්කුං බබා ප්‍රකාශ කර සිටියි.

namalrajapaksa

 

නීතිඥ නාමල් රාජපක්ෂ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න