ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා තිබූ නඩුව අද(08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවා තිබේ.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක පෙන්වාදී ඇත්තේ මෙතෙක් ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ නොහැකි බවය.
කෙසේ නමුත් පසුගිය මස 14 වන දා අත්හිටුවා තිබූ නියෝග යළි ක්‍රියාත්මක කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.
ඒ අනුව රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ හා ඔහුගේ පවුලේ ඥාතීන්ගේ දුරකථන විස්තර වාර්තා ලබාගෙන ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමටත්, මන්ත්‍රීවරයාට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් නැමැති සමාගමේ බැංකු ගිණුම් වාර්තා ඇතුළු තොරතුරු ලබාගෙන විමර්ශන සිදුකිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
