මාව පොලිස් ඇමති කළා නම් මේ ප්‍රශ්න නෑ - ෆොන්සේකා 

මාව පොලිස් ඇමති කළා නම් මේ ප්‍රශ්න නෑ - ෆොන්සේකා 

අපරාධ මර්දනයට පත්කර සිටින පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අතර සම්බන්ධතාව පිළිබඳව මීට මාස දෙකකට පෙර පාර්ලිමේන්තුවේදී තමා කළ හෙළිදරව්ව අද යථාර්ථයක් වී ඇතැයි ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

බීරි අලින්ට වීණා ගැයුවා සේ ඒ හෙළිදරව් කිරීමට  අදාළව කිසිවකු අවශ්‍ය පියවර නොගත් බවද ඇමැතිවරයා සඳහන්කර සිටියි.

අද පොලිස්පතිවරයාට පමණක් ඇතැමුන් චෝදනා එල්ල කළද පොලිස්පති පමණක් නොව පොලිස් කොමිසම සහ ඊට ඉහළින් සිටින අයද මීට වගකිවයුතු බව  ඇමැතිවරයා සඳහන් කළේය.

පොලිස්පති එම තනතුරට නුසුදුසු නම් ඔහු නම් කළ පොලිස් කොමිසම එහි වරද බාරගත යුතු බවත් සෙසු උසස් පොලිස් නිලධාරීන් නුසුදුසු තනතුරුවලට පත්කිරීමද වැරැදි බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තමාට බාරදීමට සූදානම් වූ විට ජනාධිපතිවරයා ඊට විරුද්ධ වූ බවත් තමාට අදාළ ඇමැති ධුරය හිමිවූයේ නම් පොලිසියට මෙවැනි චෝදනා එල්ලවීමට ඉඩ නොතබන බවත් ඇමැතිවරයා පැවසීය.

තමා යුද්ධය අවසන් කළේ තනිවම නොව සේනාංකාධිපතිවරුන් සමග බවත් එදා තමා යටතේ සිටි හමුදා සේනාධිපතිවරුන් පිස්සු නැටුවේ නම් තමාටද හමුදාපති ලෙස සාර්ථක වීම අසීරු බවත් ඔහු කියා සිටියේය.

එබැවින් පොලිස්පතිවරයාට පමණක් චෝදනා නොකර පොලිස් කොමිසම ද මේ නුසුදුසු යැයි කියන නිලධාරීන් පත් කිරීමේ වරද බාරගත යුතු බවද ඔහු පැවසීය. නැතිනම් පොලිස් කොමිසමෙන් ඇති වැඬේ කුමක්දැයි ද ඔහු විමසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න