ජාතික විද්‍යා පදනමේ 50 වන සංවත්සර උත්සවය : ජනපති ප‍්‍රධානත්වයෙන් !

ජාතික විද්‍යා පදනමේ 50 වන සංවත්සර උත්සවය : ජනපති ප‍්‍රධානත්වයෙන් !

ජාතික විද්‍යා පදනමේ 50 වන සංවත්සර උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

දිවයින පුරා රාජ්‍ය, පෞද්ගලික, කර්මාන්ත යන ක්ෂේත‍්‍ර සදහා අවශ්‍ය විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ දැනුම බෙදාහරිමින් ඉතා සුවිශේෂී සේවාවක් ඉටු කරන ජාතික විද්‍යා පදනම විද්‍යාඥයන්, අධ්‍යපනවේදීන්, උපාධිධාරින් සහ පාසල් සිසුන් අතර ද දේශීය  මෙන් ම අන්තර්ජාතික වශයෙන් සිදු කරන විද්‍යාත්මක පර්යේෂණ හා සොයාගැනිම් පිළිබ`ද දැනුම බෙදා හැරීමේ සාර්ථක පෙරගමන්කරුවකු ලෙස කටයුතු කරමින් සිටියි.

1968 වසරේ දී පළමුව ස්ථාපිත කෙරුණු ජාතික විද්‍යා කවුන්සිලය 1981 වසරේ දී ස්වභාවික සම්පත් බලශක්ති සහ විද්‍යා අධිකාරිය බවට පරිවර්තනය වූ අතර 1998 වසරේ දී එය ජාතික විද්‍යා පදනම ලෙස යළි ප‍්‍රතිස්ථාපනය කෙරිණි. 

ජාතික විද්‍යා පදනමට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහි දී සිදු විය.

විද්‍යා හා පර්යේෂණ ක්ෂේත‍්‍රයේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ මහාචාර්යවරුන් දෙදෙනෙකු වන මහාචාර්ය සී.බී. දිසානායක, මහාචාර්ය ආර්.ඒ.කේ.එල්. දිසානායක යන මහත්වරු මෙහි දී ජනාධිපතිතුමා අතින් යාවජීව සම්මානයෙන් පිදුම් ලැබූහ.

අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, ඒ.එච්.එම්. හලීම්, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජාතික විද්‍යා පදනමේ සභාපතිනි මහාචාර්ය සිරිමලී ප‍්‍රනාන්දු, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතු`ථ විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න