ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ නව සභාපති තෝරා පත් කර ගැනීමේ උත්සවය ඊයේ (02) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස මෙහිදි තේරී පත්වූයේ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මියයි. ඇය මෙම සංගමයේ 24 වන සභාපති ලෙස ඊයේ (02) දින මෙම තනතුරට තේරි පත්විණි.
එම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ හිටපු සභාපති හේමන්ත හේරත් යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ සාමාජික සාමාජිකාවන් එක්ව සිටියහ.
{gallery}b{/gallery}

