රටේ ආර්ථිකය ගැන සාකච්ඡා කරන්න : ජාතික ආර්ථික සභාව රැස්වෙයි !

රටේ ආර්ථිකය ගැන සාකච්ඡා කරන්න : ජාතික ආර්ථික සභාව රැස්වෙයි !

රුපියල අවප්‍රමාණයවීම වලක්වා ගැනීම,   අපනයන ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීම සහ  රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මුලික්කත්වයෙන් පසුගියදා ජාතික ආර්ථික සභාව රැස්ව ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මහින්ද සමරසිංහ, හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද ඊට එක්ව තිබේ.

ඊට පෞද්ගලික අංශය නියෝජනය කරමින් ප‍්‍රමුඛ පෙළේ සමාගම් රැසක සභාපතිවරුන අහ නියෝජිතයන් මෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඇතුළු  විද්වතුන්ගේ ද සහභාගිත්වය ලබාගෙන ඇති අතර ශී‍්‍ර ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ  විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමද  මෙහිදී සිදුව තිබේ.

රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීම සඳහා  දැනට මහබැංකුව ගෙන ඇති පියවර පිළිබඳවද අවධානය යොමුකර ඇති අතර රුපියල අවප‍්‍රමාණය වීමට බලපා ඇත්තේ රටින් පිට බාහිර සාධක බවත්, ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු  රටවල් රැසක් ද මෙම තත්ත්වයට මුහුණ දී ඇති බවත් මෙහිදී මහ බැංකුව පෙන්වා දෙනු ලැබීය. 

දැනට ක්‍රියාත්මක බදු ප‍්‍රතිපත්තිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව දැනගන්නට තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න