පිදුරංගල අඩ නිරුවත් ජායාරූප නඩුවට අදාළ ළමුන් පස් දෙනා අතුරින් පොලීසිය පුරා විද්‍යා පනත යටතේ චෝදනා ගොනු කළේ ළමුන් තිදෙනෙකුට පමනී.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ මිතුරාගේ ළමයා රජයේ සාක්ෂිකරුවෙකු බවට පත් කොට තිබුණි.
පසුපස පෙදෙස් දෙකක් නිරාවරණය වූ ඡායාරූපයක් සාක්ෂි ලෙස ඉදිරිපත් කොට ළමුන් තිදෙනෙකුට චෝදනා එල්ල කොට ඇත.
ළමුන් තිදෙනා තමන්ට එල්ල වූ චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කර සිටියේය.
මෙහි දී ළමුන් වෙනුවෙන් පෙනී සිටි තිස්‍යා වීරගොඩ, උදුල් ප්‍රේමරත්න හා සංජය මාරඹේ නීතිඥයින් ප්‍රකාශ කළේ මෙම නඩුව ඉහළ දේශපාලනඥයෙකුගේ අවශ්‍යතාව මත පුරා විද්‍යා පනත මගින් ගොනු කර ඇති බවයි.
මෙම ස්ථානය පුරා විද්‍යා ස්මාරකයක් නොවන බව මම පසුගිය සදුදා හෙළි කළෙමි.) නමුත්, මෙයට පෙර දැක්වූ පරිදි මෙම ස්ථානය ‘විශේෂ පුරා විද්‍යා ස්ථානයක් ද යන්න‘ දැක්වෙන විශේෂඥ වාර්තාව අද දින පුරා විද්‍යා දෙපාර්තමේතුව විසින් ඉදිරිපත් කළේ නැත. (ඔවුන් එය ඉදිරිපත් නොකරන බව මම පසුගිය සදුදා හෙළි කළෙමි.)
මෙහි දී විනිසුරු ප්‍රශ්න කළේ මෙම ස්ථානය පුරා විද්‍යා භුමියක් ද යන්න අවශ්‍ය නම් දුරකතනය මගින් වුව ද, තහවුරු කර ගත හැකි නොවේද යන්නයි. එසේ නොවේ නම්, පුරා විද්‍යා පනතේ චෝදනාව ඉවත් කර අනෙකුත් චෝදනා ළමුන්ට ඉදිරිපත් කළ හැකි බව අධිකරණයේ දී හෙළි විය.
ළමුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසූවේ, ‘‘මෙම චෝදනා මත නඩුව පවත්වාගෙන යාම වැරදියි. පුරා විද්‍යා පනත යටතේ මෙම ළමුන්ට චෝදනා පවත්වාගෙන යා නොහැකිය.‘‘ යන්නයි. එබැවින් පුරා විද්‍යා විශේඥ වාර්තාව ලැබෙන තෙක් ළමුන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කළේය.
මෙම නඩුව ගොනු කොට ඇත්තේ පුරා විද්‍යා පනත යටතේ බැවින් ඇප ලබා දිය නොහැකි බව විනිසුරුවරයා පවසා තිබේ.
දඹුල්ල උසාවියේ දී පිදුරංගල අඩ නිරුවත් ජායාරූප නඩුව අද විභාගයට ගැනීමට පෙර පොලීසිය හා ‘දායක සභාව‘ විසින් ළමුන් තිදෙනාට වරද පිළිගෙන මාසයක් දෙකක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වී ගෙදර යන්නට යෝජනා කර තිබුණි.
කීර්ති තෙන්නකෝන්

