බන්දුල මන්ත්‍රීගේ තවත් කෙප්පයක් මාට්ටු !

බන්දුල මන්ත්‍රීගේ තවත් කෙප්පයක් මාට්ටු !

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින් ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දින තුනකදී ඩොලර් මිලියන154. 5 ක් විකුණා ඇති බවට කරන ලද චෝදනාව මුළුමනින්ම අසත්‍යක් බව මූල්‍ය වෙළඳපොල විශ්ලේෂකයන් සඳහන් කරයි.

රුපියල අවප්‍රමාණයවීම වළක්වා ගැනීමේ කෙටි කාලීන උපායමාර්ගයක් ලෙස 2018 වසරේ මේ දක්වා ශ්‍රී  ලංකා මහ බැංකුව විකුණා ඇත්තේ මිලියන 184ක වටිනාකමකින් යුතු ඩොලර් ප්‍රමාණයක් පමණක් බවත් ඒ සම්බන්ධව මහ බැංකුවේ අධිපතිවරයා වගකිව යුතු ප්‍රකාශයක් ඊයේ (02) නිකුත්කළ බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම 2018 වසරේ මේ දක්වා රුපියල අවප්‍රමාණය වී ඇත්තේ 9.5%කින් පමණක් බවත් එය ආර්ථිකයේ දරුණු කඩාවැටීමක් ලෙස සඳහන් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන 2011-2012 කාලය අමතක කිරීම ගැටළු සහගත බවද ඔවුන් පෙන්වා දෙයි.

එහිදී මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයන් සඳහන් කරන්නේ  2011-12 පරිච්ඡේදයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිලියන 3700ක වටිනාකමකින් යුතු ඩොලර් ප්‍රමාණයක් විකුණන ලද බවත් නමුත් එහිදී රුපියල 14% කින් අවප්‍රමාණයවූ බවත්ය.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ කාරණය සඟවා ජනතාව නොමඟ යවන බවත් ඔය ආකාරයට ගියොත් ආචාර්ය බන්දුල ගුණවර්ධන වීම කෙසේ වෙතත් කෙප්ප බන්දුල වීමට වැඩි ඉඩක් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

තවද ගෝලීය ආර්ථික හැසිරීම තුළ විශේෂයෙන් චීන - ඇමරිකා සීතල වෙළඳ යුද උණුසුම සමනයවීමටත් පෙර මෙරට රුපියල පිළිබඳ සුබවාදී අපේක්ෂා පවත්වාගත හැකි බවද ඔවුන් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න