පවුල් හාරලක්ෂ පනස් එක්දහසකට රුපියල් කෝටි 203ක වියදමින් නියං සහනාධාර මලූ බෙදාදිමට රජය තිරණය කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
රුපියල් හාර දහසේ සහ පන්දහසේ බඩු මලූ ලෙස සකස් කර ඇති එම සහනාධාර මලූ ලබන සතියේ සිට විවිධ සේවා සමූපකාර සමිති මගින් බෙදාදිමට පියවර ගනන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර සාමාජිකයන් තුනට අඩු පවුල් සඳහා රුපියල් 4000 බඩු මල්ලත් සාමාජිකයන් 3 හෝ එයට වැඩි පවුල් සඳහා රුපියල් පන්දහසක බඩු මල්ලත් වශයෙන් එම සහනාධාර මලූ බෙදා දිමට නියමිත බවද එහිදී සඳහන් කළේය.
එහිදී දැක්වූ වැඩිදුර අදහස් වලට අනුව,
රුපියල් 4000 බඩු මල්ලක් සඳහා සහල් කිලෝ 20ක්, බිත්තර 10ක්, පරිප්පු කිලෝ 02ක්, අර්තාපල් කිලෝ 02ක්, තේ කොළ ග‍්‍රැම් 200ක්, සීනි කිලෝ 01ක්, තිරිඟු පිටි කිලෝ 02ක්, සෝයා මිට් ග‍්‍රෑම් 70 පැකට 10ක්, කඩල කිලෝ 02ක්, කිරිපිටි ග‍්‍රෑම් 400ක්, මිරිස් කුඩු ග‍්‍රෑම් 250ක්, තුනපහ කුඩු ග‍්‍රෑම් 250ක්, කහකුඩු ග‍්‍රෑම් 50ක් අයත් වේ.
රුපියල් 5000 බඩු මල්ලක් සඳහා සහල් කිලෝ 30ක්, බිත්තර 10ක්, පරිප්පු කිලෝ 03ක්, අර්තාපල් කිලෝ 02ක්, තේ කොළ ග‍්‍රැම් 200ක්, සීනි කිලෝ 02ක්, තිරිඟු පිටි කිලෝ 02ක්, සෝයා මිට් ග‍්‍රෑම් 70 පැකට් 10ක්, කඩල කිලෝ 02ක්, කිරිපිටි ග‍්‍රෑම් 400ක්, මිරිස් කුඩු ග‍්‍රෑම් 250ක්, තුනපහ කුඩු ග‍්‍රෑම් 250ක්, කහකුඩු ග‍්‍රෑම් 100ක් අයත් වේ.

