ඇප ඉල්ලමින් ජොනීගෙන් පෙත්සම් පිට පෙත්සම් 

ඇප ඉල්ලමින් ජොනීගෙන් පෙත්සම් පිට පෙත්සම් 

ලක් සතොස ආයතනයෙන් රුපියල් 3,828,596.50 ක් වටිනා භාණ්ඩ අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නඩු විභාගය නිමවන තුරු රිමාන්ඞ් බාරයට පත්කර සිටින තමන් ඇප මත මුදාහැරීම ප‍්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ඉවත්කර තමන් ඇප මත මුදා හරින ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු  විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා  නම් කර තිබේ.
නීතීඥ සනත් විජේවර්ධනගේ උපදෙස් පරිදි ගොනු කළ පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

මෙම නඩුව යළිත් පසුගිය සැප්තැම්බර් 03 වැනිදා විභාගයට කැඳවනු ලැබු අතර එහිදී පෙත්සම්කරු නඩුව නිමවන තෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබිණි.

ඉන්පසුව පෙත්සම්කරු ඇප අයදුම්පතක් ඉදිරිපත් කලත් මහාධිකරණ විනිසුරුවරයා විසින් එම අයදුම්පත ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

පසුව එම තීන්දුවට එරෙහිව පෙත්සම්කරු විසින් අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළද ඉකුත් මස 17 වැනිදා අභියාචනාධිකරණය එය ඉවත දැමීය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න