බලපත්‍රයක් නොමැති අලිපැටවකු සන්තකයේ තබාගෙන සිටියේ යැයි චෝදනා එල්ල වී සිටින උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 15 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(26) නියෝග කර තිබේ.
එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න ඉදිරියේ කැඳවූ අතර එහිදී උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරයා අසනීප තත්වයෙන් පසුවන බව ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා විසින් අධිකරණයට දන්වා ඇත.
ඒ අනුව නඩුව නැවත ඔක්තෝම්බර් මස 15 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින වැඩිදුර විභාගය සිදුකරන බවද නියමකර ඇත.
2015 වසරේ ජනවාරි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු කිරුලපන, ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ තබාගෙන සිටියේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
