රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් මිනිස් ජාවාරමක් සඳහා දකුණු කොරියාවට ගොස් සිටින බව සමාජ මාධ්‍ය වාර්තා කර සිටියි.
ලංකාඊනිව්ස් සඳහන් කර තිබෙන ආකාරයට බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩ නමැති පොහොට්ටු පක්ෂයේ ජයග්‍රාහී සභාපතිවරයා මීට සම්බන්ධව සිටියි.
ඔහු පුද්ගලයන් තිදෙනෙකුගෙන් ලක්ෂ 6 බැගින් ලක්ෂ 18 ක් රැගෙන ඔවුන් දකුණු කොරියාවට ගෙන ගොස් බැස්සවීම සඳහා මේ වන විට රටින් පිටව ගොස් තිබේ.
පිරිස සමග අනුර නාරංගොඩ ද දකුණු කොරියාව වෙත පැමිණ ඇති අතර පුද්ගලයන් තිදෙනා එහි දමා ඒම මොහුගේ සැලැසුමයි. ඔහු මේ සඳහා අවභාවිතා කරන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
