දුම්වැටි අලෙවිය අඩුවීමෙන් බදු ආදායමද රුපියල් කෝටි 1800කින් (රුපියල් බිලියන 18) පමණ අඩුවී ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර ඊයේ (11) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
දුම්වැටි සඳහා දිගින් දිගටම නීති පැනවීම හමුවේ දුම්වැටි අලෙවිය විශාල වශයෙන් අඩුවී ඇති බවත් එය බදු ආදායමටද දැඩිව බලපා ඇති බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.
වාර්තා වන ආකාරයට සිගරට් තනි තනි වශයෙන් අලෙවි කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
මංගල සමරවීර ඇමැතිවරයා යෝජනාව සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අදහස් දක්වා ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබාගන්නා තෙක් කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම පසුවට කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ද දැන ගන්නට තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
