ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරිමට උත්සහ ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.
පසුගිය 10 වනදා දිනයේ දී මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.
වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ක්‍රිඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පැමිණිල්ල සිදු කර ඇත.
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියට අදාළව රූපවාහිනි අයිතිය විකිණිම මඟින් ලැබුණු අදාළ මුදල ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණිමුට බැර නොකර වෙනත් ගිණුමකට බැර කිරීමට එහි ගිණුම් අංශයේ ප්‍රධානියා පියවර ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
එමඟින් සිදු කිරීමට ගිය හානිය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ගත වූ වසර තුළ සිදු කළ සියලු මූල්‍ය හුවමාරු පිළිබඳ විගණන පරික්ෂණයක් සිදු කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
