මෙරට ජාතික සංහිදියාව වර්ධනය කිරීම සඳහා ‘සංහිදියාවේ නාලිකාව’ නමින් නව රූපවාහිනී සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිත එම රූපවාහිනි සේවාව චාවකච්චේරි ප්‍රදේශයේ සිට විකාශන කටයුතු සිදුකිරීමට නියමිත අතර එය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසින් පවත්වාගෙන යාමට නියමිතව ඇත.
එසේම නව රූපවාහිනි සේවය වෙනුවෙන් වෙනම සංඛ්‍යාතයක් මේ වන විටත් වෙන්කර ඇති බවත් නාලිකාවට අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ දැනටමත් ඇනවුම් කර ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
