ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාම යෝජනා භික්ෂුන්වහන්සේලා මැදිහත්ව නැවත ලබා ගැනීමේ උත්සාහයක් ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මහින්දවාදී භික්ෂුන්වහන්සේලා කිහිපනමක් මේ පිළිබඳ පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් සමඟ සාකච්ඡා කර ඇත.
එහිදී මෙම භික්ෂුන්වහන්සේලා පෙන්වාදී ඇත්තේ අර්බුද මතුව ඇති සියළු නාම යෝජනා නැවත සකස්කර භාරදීම වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මෙන්ම අවශ්‍ය වුවහොත් ජනාධිපතිවරයා සමඟද සාකච්ඡා කිරීමට තමන්වහන්සේලා සුදානම් බවය.
එසේම පොදුජන පෙරමුණට වැඩි බලයක් ලබාගැනීමට විශ්වාසයෙන් සිටි මහරගම , පානදුර, වලල්ලාවිට වැනි පළාත් පාලන ආයතන සඳහා තරග කිරීමට අවස්ථාවක් නොමැතිනම් මැතිවරණයට ඉදිරිපත්වීම තේරුමක් නැති කාර්යයක් වන බවද එහිදී සාකච්ඡා කර ඇත.
කෙසේ වුවත් මෙහිදී ජී.එල්.පීරිස් මහතා පෙන්වාදී ඇත්තේ භික්ෂුන්වහන්සේලා සඳහන් කරන ආකාරයේ කටයුත්තකට නෛතික රාමුව තුළ ඉඩක් නොමැති බවය. නමුත් සෑම පක්ෂයකටම අවස්ථාව ලබාදෙන පදනමින් පොදු සම්මුතියක් ඇතිකර ගැනීම වැදගත් බවද ඔවු සඳහන් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
