මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජන හමුව ලෙස ලංකා වතු කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලද විශේෂ ජන හමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ හපුතලේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති සුගුමාරන් නායර්, හපුතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි අශෝක උදයකුමාර යන මහත්වරුන් ද මෙහිදී ජනාධිපතිතුමාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් විය.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුථ පළාත් මැති ඇමතිවරුන් ඇතුථ දේශපාලන ක්‍රියාකාරින් රැසක් මීට එක්විය.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )
{gallery}haputhale{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
