මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රධානම සැකකරුවෙකුට ප්‍රබල ඇමැතිවරයෙකුගේ රැකවරණය ලැබීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක ද අංශයට නොහැකි වී ඇත.
පාකිස්ථානයේ සිට මාලදිවයින හරහා දෙවුන්දර දක්වා ප්‍රවාහනය කරන මත්කුඩු මාළු පෙට්ටිවලට අසුරා බෙදා හැරීම සම්බන්ධ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන විල්බට් නැමැත්තා ඇතුළු බෙදාහැරීමට සම්බන්ධ පුද්ගලයෙකු වන නාරද නැමැත්තා ද අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත් සිද්ධීන් යටපත් කිරීමට මේ වන විට රුපියල් කෝටි 20ක් දක්වා ගනුදෙනුවක් සිදු වෙමින් පවතින අතර මෙම තත්ත්වය නිසා සැගව සිටින අය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරන බව වාර්තාවේ.
දෙවුන්දර ඩිලයිට් :
දෙවුන්දර ඩිලයිට් නමින් ප්‍රසිද්ධ මෙහි ප්‍රධාන තැරව්කරු දකුණේ ප්‍රබල ඇමැතිවරයෙකු සමඟ පවත්වනු ලබන සම්බන්ධතාව නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.
මෙම ජාවාරම්කරුවන් සමඟ කඹුරුපිටියේ මධූෂ නැමැත්තා සම්බන්ධකම් පවත්වන බවට තොරතුරු හෙළිව තිබේ.
(සත්හඬ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
