නිත්යානුකූල නොවන අයුරින් කොල්ලුපිටිය ප්රදේශයේ නේවාසිකව රැදී සිටි චීන ජාතිකයන් 19 දෙනාට එරෙහිව ලබන නොවැම්බර් මස 03 දා පැමිණිල්ල ගොනු කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සැකකරුවන් ගේ වීසා ලබන නොවැම්බර් මස 4 අවසන් වන බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන දිනකදී එහි ගොස් ප්රකාශ ලබා දෙන ලෙස චීන ජාතිකයන් ට නියෝග කළ මහේස්ත්රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි දින වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
කොල්ලුපිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සමස්ත චීන ජාතිකයන් 49 දෙනා අතුරින් වලංගු වීසා බලපත්ර තිබූ තිදෙනෙකු අද දිනයේ නිදහස් කර ඇති අතර, තවත් 9 දෙනෙකු ට පැමිණිලි ගොනු කර ඇති අතර, තවත් 25 දෙනෙක් මුදා හැර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
