Image

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් එම වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළ අධිකරණය එය නොපමාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය. මෙයට අමතරව, අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කිරීමටද අධිකරණය නියෝග කළේය.

නඩුවේ පසුබිම

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්ත ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු කළ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා.

එම දඩුවමට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් මස 04 වනදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබූණා.

එහෙත් මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ප්‍රේමලාල් ජයසේකර අධිකරණය හමුවේ පෙනී සිටියේ නෑ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන අයගෙන් සමන්විත ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට නියම කළා.

විත්තිකාර ප්‍රේමලාල් ජයසේකර  විදේශ ගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දී තිබුණා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න