Image

“කාවන්තිස්ස බේරාගන්න උපරිමයෙන් මැදිහත් වුණා" - පරිසර ඇමති

“කාවන්තිස්ස බේරාගන්න උපරිමයෙන් මැදිහත් වුණා" - පරිසර ඇමති

මියගිය කාවන්තිස්ස හස්තියාට තරම් වෙන කිසිදු හස්තියෙකුට මැදිහත් නොවුණු තරමේ මැදිහත්වීමක් සිදු කළ බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පැවසීය.

කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසුවේ එසේ මැදිහත් වුවද හස්තියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම පිළිබඳව කණගාටු වන බවයි.

කෙසේ නමුත් හස්තියස්ගෙ මරණය සම්බන්ධව  ඉදිරියේදී  විමර්ශනයක් කරන්න ස්වාධීන විමර්ශන කණ්ඩායමක් යොදවා මෙහිදී කිසියම් අත්වැරදීමක් සිදුවුණාද හෝ සතාට හානි කිරීම සඳහා දැනුවත්ව කිසියම් සිදුවීමක් වුණාද යන්න සොයා බැලීම සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

"අපි විශ්වාස කරනවා වෙන කිසිදු හස්තියෙකුට මැදිහත් නොවුණු තරම් මැදිහත්වීමක් අපි අපේ උපරිම අයුරින් මැදිහත් වෙලා තියෙනවා. අපි කනගාටු වෙනවා හස්තියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම ගැන. මේ සම්බන්ධව ශෝක වන සියලු දෙනා සමග අපිත් පරිසර අමාත්‍යාංශය ලෙස අපේ ශෝකයත් පළ කරනවා. අපි ඉදිරියේදී අපේ පශු වෛද්‍ය සේවය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුමේ මේ රෝගී සතුන්ට ප්‍රතිකාර කරන වැඩපිළිවෙල මීට වඩා දියුණු කරන්න අපි අවශ්‍ය කරන පියවර ගන්නවා. මේ පිටුපස අපි නොදැනුවත්ව මේ හස්තියාට හානි කිරීමේ එවැනි මොනවා හරි තියෙනවාද කියන එක සම්බන්ධයෙනුත් සොයා බලලා අවශ්‍ය කරන දැඩි පියවර ලබා ගන්න අපි සූදානම්" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න