Image

අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවම්!

අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවම්!

වත්කම් විමර්ශනයකට අදාළව අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වු හපුතන්ත්‍රිගේ මිලින්ද හපුතන්ත්‍රි යන අයට එරෙහිව HCB/374/25 යටතේ ගොණු කර තිබු නඩුවට අදාළව විත්තිකරු වරදකරු කරමින් ගරු මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල විසින් පසුගිය 2026 ඔක්තෝබර් මස 01 වන දින තීන්දුව ලබා දෙන ලදී.

2011 - 2013 වර්ෂවල දී අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති මෙන් ම උප සභාපති වශයෙන් ද කටයුතු කළ හපුතන්ත්‍රීගේ මිලින්ද හපුතන්ත්‍රි යන අය 2011 මාර්තු මස 31 වන දින සිට 2013 පෙබරවාරි මස 28 වන දින දක්වා අතරතුර වූ මාස 23ක කාලයක් සඳහා සිය දැනගත් ආදායමට වඩා වියදම් කරන ලද මුදල අල්ලස් මඟින් උපයාගත් මුදලක් බවට වන පූර්වානුමිතියෙන් අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය යටතේ චෝදනා කර, මෙම නඩුව ගොණු කර තිබුණි.

ඒ අනුව, කොළඹ මහාධිකරණ අංක 11 හමුවේ පැවැති නඩු විභාගය අවසානයේ අවුරුදු 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් පන්දහසක (රු.5,000/-) දඩයක් සමඟ රුපියල් ලක්ෂ හැත්තෑ පහක (රු 7,500,000/-): දණ්ඩනයක් නියම කරන ලදී. එසේම, එකී රුපියල් පන්දහසක (රු 5,000/-) දඩය නොගෙවන්නේ නම්, මාස 3ක ලිහිල් සිරදඬුවම ද, රුපියල් ලක්ෂ හැත්තෑපහක (රු.7,500,000/-) දණ්ඩනය නොගෙවන්නේ නම් මාස 24ක ලිහිල් සිර දඬුවම ද නියම කරන ලදි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවීම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවනි වික්‍රමසිංහ විසින් සිදු කරන ලදි.

(අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න