Image

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නව බන්ධනාගාරයක් පිහිටුවීම සඳහා අති විශේෂ ගැසට්ටුවක්!

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නව බන්ධනාගාරයක් පිහිටුවීම සඳහා අති විශේෂ ගැසට්ටුවක්!

පැරණි බෝගම්බර බන්ධනාගාරය පරිශ්‍රයය තුළ නව බන්ධනාගාරයක් පිහිටුවීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා..

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කොට ඇති අතර, බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම නියමය ප්‍රකාශයට පත්කොට ඇති බව සඳහන්.

මේ අතර, පෙරේදා (07) ගාල්ල මහමෝදර ප්‍රදේශයේ ද නව බන්ධනාගාරයක් පිහිටුවීම අදාළව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබු අතර, මෙම පියවර බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා බලධාරීන් ගත් පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැකියි.

යළි පිහිටුවීමට නියමිත ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය වසර 138 ක කාලයක් පුරා ක්‍රියාත්මකව පැවති අතර, පසුව එහි සිටි රැඳවියන් පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමෙන් අනතුරුව 2014 ජනවාරි මස 01 වන දින සිට එය වසා දමනු ලැබිණි.

අදාළ ගැසට් නිවේදනය පහළින්>>

Bogambara prison i

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න