රජයේ දේපළ චීන ව්‍යාපාරිකයන්ට විකුණා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස කොටුවී සිටින බවත් හෙට අනිද්දා වන විට ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.
උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.
දඬුවම්වලට බය වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එදා තිබූ සැලුන් දොර නැවත විවෘත කර හොරු නැවතත් එක්කර ගනිමින් ඔලුගෙඩි මාරුවකින් ආණ්ඩුව වෙනස් කර බලය ලබා ගැනීමේ උත්සහයක නිරත වන බවටද එහිදී මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේය.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමද එක් කරගෙන ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයක රට ගැන සිතා කටයුතු කිරීමේ උවමනාවක් නොමැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
