පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වන පළමු නාමයෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (11)වනදා අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත ලබාදී ඇත.
ගල්නෑව ප්‍රාදේශීය සභාව සදහා එම නාමයෝජනාව බාර දුන් අතර පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් බලයලත් නිලධාරී ජන්න ජයසුමන උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් ඇතුළු පිරිසක් ඊට සහභාගී වී ඇත.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය සභාවට සහ ත්‍රිකුණාමලය නගර/කඩවත්සතර ප්‍රාදේශීය සභාව සඳහා ද ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විසින් අද පෙරවරුවේ නාමයෝජනා බාරදීමට නියමිත බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
