''සිංහල භාෂාවේ හෙට දවස'' නමැති ශාස්ත්‍රිය ග්‍රන්ථය ජනගත කිරීම සහ විද්වත් කථිකාව මෙම මස තුන්වන දින පස්වරු 02.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී සිදු කෙරේ.
සාහිත්‍යවේදී අරුණ ප්‍රේමරත්න, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සී. ඩී. එම්. එම්. ප්‍රේමරත්න, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, කථිකාචාර්ය වංගීස සුමනසේකර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ සහ හෙළ හවුලේ නයු (නායක) ශ්‍රීනාත් ගනේවත්ත යන අය මෙහි දී අදහස් දැක්වීමට නියමිත ය.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් මෙම කෘතිය නිකුත් කරනු ලබන්නේ 2026 සිංහල භාෂා දින විශේෂ කලාපය ලෙසිනි.
ඔබ සැමට විවෘත ආරාධනා...!

