බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ නීතිවිරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු භාරයට

බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ නීතිවිරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු භාරයට

බීඩී කොළ, විදේශීය දුම්වැටි සහ නීතිවිරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හලාවත, තොඩුවාව ප්‍රදේශයේදී වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

එහිදී උර 25ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 992 ග්‍රෑම් 800ක තොගයක්, විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හතළිස් දහසක් සහ වි‍දේශීය රටක නිෂ්පාදිත කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් ද ඔවුන් සිය භාරයට ගෙන ඇත.

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 20කට අධික බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ලද විශේෂ තොරතුරකට අනුව ඊයේ (21) දින නාවික හමුදාව හා එක්ව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ. 

එහිදී අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනා, බීඩි කොළ, විදේශිය දුම්වැටි, කෘෂි රසායනික ද්‍රව්‍ය තොගය සහ ඩිංගි යාත්‍රාව වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත සුරාබදු කාර්යාලය වෙත භාරදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න