NBRO අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

NBRO අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර  සඳහන් කළේය. 

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය, දොළුව, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, උකුවෙල, විල්ගමුව, රත්තොට, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

දිස්ත්‍රික්ක හයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12කට අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකු කර තිබේ. 

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර සහ පාත දුම්බර මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ, නෝවුඩ්, අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කළවාන සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය බලාත්මක වේ. 

එමෙන් ම  දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23කට අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ. 

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්දේකැටිය, හපුතලේ, පස්සර සහ බණ්ඩාරවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර, පාතදුම්බර, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ බුලත්කොහුපිටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙය ක්‍රියාත්මක වන බව වසන්ත සේනාධීර  සඳහන් කළේය. 


"මෙම නිවේදන අද දිනයේදී ලැබෙන වර්ෂාපතනයත් සමඟ යම් ආකාරයට වෙනස්වීමට ලක්විය හැකියි. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ නායයෑම් සක්‍රීයවීමට ඉඩකඩ බොහෝමයක්ම වැඩියි. සිදුවෙච්ච නායයෑම් මාර්ග දිගේ  තැන්පත් වෙච්ච පස් තියෙනවා. ගල් තියෙනවා. මේ වර්ෂාපතනයත් සමඟ ඒ ගලා ඒමේ හැකියාව වැඩිදුරටත් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව අතිශයෙන්ම විමසිලීවන්ත විය යුතුයි. එම නිසා එම ස්ථාන පහුවෙන විට  ඉතාමත් අවධානයෙන් සිටින ලෙස  ඉල්ලා සිටිනවා. ඒ වගේම යම් ආකාරයක වර්ෂාපතනයේ වැඩිවීමක් සිදුවන්නේ නම් එම ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා. "

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න