නියමිත ගල් අඟුරු ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකළ බැවින් “හදිසි මිලදී ගැනීම්” කරන්න රජයට සිදුවෙලා - විමල් වීරවංශ

නියමිත ගල් අඟුරු ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකළ බැවින් “හදිසි මිලදී ගැනීම්” කරන්න රජයට සිදුවෙලා - විමල් වීරවංශ

2026 වසර සඳහා නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කරවීමට ප්‍රමිතිගත ගල් අඟුරු ලබාගැනීමට පෙර පැවති නිසි ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන්, “දූෂණයට අත වැනීමක්” යැයි කලින් නම් කරන ලද “හදිසි මිලදී ගැනීමක්” කිරීමට අද රජයට “දෛවෝපගතව” සිදුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි.

ඔහු මේ බව අනාවරණය කළේ නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ බරපතළ දූෂණ සහ වංචා පිළිබඳව බත්තරමුල්ලේ පිහිටි තම පක්ෂ කාර්යාලයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය 2026 වසර සඳහා ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වන ප්‍රමිතිගත ගල් අඟරු “නැව් 38ක් පමණ වූ තොගය” අප්‍රේල් මාසයේ අග වාරකන් කාලය ආරම්භ වීමට පෙර ගෙන්වාගෙන අවසන් කළ යුතු වුව ද වත්මන් රජය 2026 වසර වෙනුවෙන් තවමත් ගෙන්වාගෙන ඇත්තේ නැව් 3ක් පමණක් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේ ය.

එම නැව් තුන මගින් ගෙන්වා ඇත්තේ ද නොරොච්චෝලේ බලාගාරය කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ හැකි “හොඳ ප්‍රමිතිගත ගල් අඟුරු” නොව, දේශීය හා විදේශීය රසායනාගාර මගින් “බාල ගල් අඟුරු” බවට නිර්දේශ කළ “කසළ ගල් අඟුරු” බව හෙළිව ඇතැයි විමල් වීරවංශ අනාවරණය කලේ ය.

මතු පළ වන්නේ ගල් අඟුරු වංචාව පිළිබඳ ජාතික නිදහස් පෙරමුණ නායක විමල් විරවංශ කළ සම්පූර්ණ හෙළිදරව්ව යි.

 

මෙතැනින් බලන්න 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න