ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් වූ ත්‍රීරෝද රථය, හුදු වාහනයකට එහා ගිය සංස්කෘතික අනන්‍යතාවයක් ලෙස ලොවට හඳුන්වා දීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් 2026 මාතර කලා උළෙල (MFA) කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇත.
එළඹෙන පෙබරවාරි 20 සිට 23 දක්වා පැවැත්වෙන මෙම උළෙලේදී, ත්‍රීරෝද රථ හතරක් සජීවී 'ජංගම කලා කෘති' බවට පරිවර්තනය කර මහජන ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිතය.
ජෝන් කීල්ස් පදනම (John Keells Foundation) සහ ඉන්දියා-ශ්‍රී ලංකා පදනම (India-Sri Lanka Foundation) එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ කලාව හරහා ප්‍රජා සවිබල ගැන්වීම සහ නව සංචාරක ආර්ථිකයක් ගොඩනැගීමයි.
මෙම නිර්මාණාත්මක මෙහෙයුම මෙරට ප්‍රමුඛ පෙළේ සමකාලීන කලාකරුවන් වන මහාචාර්ය ජගත් වීරසිංහ, බන්දු මනම්පේරි සහ අනුර ක්‍රිෂාන්තගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. මීට අමතරව බැංගලෝරයේ 1Shanthiroad Studio හි සහකාර කලා මහාචාර්ය දුෂ්‍යන්ත ද මෙයට එක්ව සිටීම විශේෂත්වයකි. මෙම ප්‍රවීණයන් සමඟ දිනිති බෝගහවත්ත, කෙත්මිණ දිල්ෂාන් සහ තේනුක විතානගේ ඇතුළු මාතර ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසක් ද නිර්මාණකරණයට දායක වී ඇත.
"කලාව කලාගාර තුළින් පිටතට ගෙනවිත් පොදු මහජන අවකාශය තුළ ජීවමාන කිරීම අපේ අරමුණයි," යැයි උළෙලේ භාරකරු මහාචාර්ය ජගත් වීරසිංහ පවසයි.
මෙහිදී ත්‍රීරෝද රථ රියදුරන් වන සිතුම්, තරිඳු, ප්‍රියන්ත සහ කසුන් හුදු සේවා සපයන්නන් ලෙස නොව, කලා කෘතියේ සම-නිර්මාණකරුවන් ලෙස සලකනු ලැබේ. ඔවුන්ගේ වාහනවල ඇඳෙන සිතුවම් හරහා මාතර නගරයේ ඉතිහාසය සහ සංස්කෘතික කථාන්දර සංචාරකයින් වෙත ගෙනයෑමට සැලසුම් කර ඇත. මෙමගින් රියදුරන් 'කුඩා පරිමාණයේ සංචාරක මඟපෙන්වන්නන්' ලෙස පුහුණු කර, ඔවුන්ගේ වෘත්තියට ඉහළ වටිනාකමක් සහ ආඩම්බරයක් එක් කිරීමට බලාපොරොත්තු වේ.
මාතර කලා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජෝන් කීල්ස් පදනම අඛණ්ඩව දෙවන වරටත් සිය දායකත්වය සපයයි. එසේම, ඉන්දියානු කලාකරු දුෂ්‍යන්ත මෙරටට පැමිණ 'ඩිට්වා' සුළි කුණාටු තත්ත්වය හමුවේ පවා සහන සේවා සඳහා දායක වෙමින් මෙම නිර්මාණ කටයුතු නිම කිරීම ශ්‍රී ලංකා - ඉන්දියා කලාත්මක සබඳතාවයේ ශක්තිමත් බව විදහා දක්වන්නකි.
මාතර කලා උළෙල සඳහා NTPC Mining Limited, ෆ්‍රීලාන් එන්ටර්ප්‍රයිසස්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, The Doctor’s House, ලංකා අශෝක් ලේලන්ඩ් සහ ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය ඇතුළු ආයතන රැසක් අනුග්‍රහය දක්වයි. ඩේලි එෆ්.ටී, සන්ඩේ ටයිම්ස්, ඩේලි මිරර් සහ හායි සඟරාව මෙහි නිල මාධ්‍ය අනුග්‍රහය දරයි.
ලබන පෙබරවාරි මාසයේදී මාතර වීදි දිගේ සැරිසරන මෙම 'ජංගම සිතුවම්' දේශීය සහ විදේශීය සංචාරකයින්ට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.