මෙරට ඖෂධ මාෆියාව තවමත් පවතිනවා - 'ඒකීය රටක් වෙනුවෙන් අපි එකමුතුව' පවසයි

මෙරට ඖෂධ මාෆියාව තවමත් පවතිනවා - 'ඒකීය රටක් වෙනුවෙන් අපි එකමුතුව' පවසයි

මෙරට ඖෂධ මාෆියාව තවමත් පවතින බව දන්වමින් ඒකීය රටක් වෙනුවෙන් අපි එක මුතුව සංවිධානය: ජනාධිපති, අගමැති සහ සෞඛ්‍ය ඇමතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එම සංවිධානයේ ජයන්ත වෙදසිංහ අවධාරණය කර සිටින්නේ, මේ රටට ගෙන්වන ඖෂධ MRI විසින් සාම්පල පරික්ෂා නොකරන අතර, යම් ප්‍රශ්නයක් වුවොත් පමණක් මේ ඖෂධ සාම්පල ප්‍රමිතිය සොයන්නේ නම්, එය බරපතළ ප්‍රශ්නයක් බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව ද අවදානමක යැයි ඔහු පෙන්වා දී ඇත.

මතු පළ වන්නේ ඒකීය රටක් වෙනුවෙන් අපි එක මුතුව: ජනාධිපති, අගමැති සහ සෞඛ්‍ය ඇමතිවරයා වෙත යොමු කර ඇති සම්පූර්ණ ලිපිය යි.

ගරු නලින්ද ජයතිස්ස,
සෞඛ්‍ය අමාත්‍යංශය,
කොළඹ 10,

C/C to ගරු ජනාධිපතිතුමා,

ගරු අමාත්‍යතුමනි,

මේ රටේ ඖෂධ මාෆියාව තවමත්


ඔබතුමාගේ, දෙසැම්බර් 16වන දින මාධ්‍ය ප්‍රකාශයට අනුව මේ රටට ගෙන්වන ඖෂධ වල ඇතිවන සංකුලතාවයක් ඇති වුවොත් පමණයි එම ඖෂධ පරික්ෂා කරන්නේ, තවද, මේ රටට ගෙන්වන ඖෂධ 85% ක් ගෙන්වන්නේ ඉන්දියාවෙන් වේ.
ඔබගේ ප්‍රකාශයට අනුව, මේ රටට ගෙන්වන ඖෂධ MRI විසින් සාම්පල පරික්ෂා නොකරන අතර, යම් ප්‍රශ්නයක් වුවොත් පමණ ද, මේ ඖෂධ සාම්පල ප්‍රමිතිය සොයන්නේ නම්? මෙය විශාල ප්‍රශ්නයක් බව වටහා ගන්න. ඔබ කියන්නේ ජනතාවගේ ආරක්ෂාව අවධානයක බව ය.

මගේ පුද්ගලික අත්දැකීම් අනුව, රටේ සෞඛ්‍ය සේවයේ විශාල අඩුපාඩු සහ බාල ඖෂධ ගැන අද්දැකීම් අප සතුව ඇත.

රටකට විදේශයෙන් ගෙන්වන ඖෂධ, කිසිදු සාම්පල පරිෂවකින් තොරව, මේ ඖෂධ ජනතාවට ලබාදීම භයානක සහ ජිවිත හානියකට මුල පිරීමක් නොවේද? ජවිතයක් නැති වීමෙන් පසු කරුණු කීම සහ එම කරුණු අනුව වන්දි ගෙවීම නොව කල යුත්තේ.

මගේ දැනුම අනුව, 2020දී කොවිඩ් සමයේ, ලෝකයේ රටවල් මේ වයසනය නැවත්වීමට එක් එක් එන්නත් අත්හදා බැලූ අතර, ලෝක  සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කළ කොවිඩ් එන්නත්, නිෂ්පාදනය සහ එහි ඇතිවිය හැකි සංකුලතා පරික්ෂා කිරීමට උපයෝගී කරගත්තේ ඉන්දියාවේ අසරණ මිනිසුන් ය. මේ අසරණ මිනිසුන් ඖෂධ සහ එන්නත් නිෂ්පාදනයට යොදා ගන්න බව රහසක් නොවේ.

ඔබගේ ප්‍රකාශයට අනුව, ඖෂධ සහ එන්නත් ගෙන්වීමේදී, මේ ඖෂධ වල ගුණාත්මක භාවය පරීකෂා නොකර ජනතාවට ඍජුවම ලබා දීම විශාල වරදක් නොවේද? මේ ඖෂධ හෝ එන්නත් ඇනවුම් කළේ හෝ රට තුළට ගෙනාවේ කවදා ද, කුමන කාලයක ද, අනිවාර්යෙන් සාම්පල පරික්ෂා කිරීම රජයේ කාර්ය නොවේ ද?. එසේ නොකර එම ඖෂධ ජනතාවට දීමෙන් පසු ඇතිවෙන අබාධවලට කරුණු සෙවීම නොව, ඖෂධ ජනතාවට දීමට ප්‍රථම මෙය පරික්ෂා කළ යුතු වේ.

මේ ඖෂධ ගෙන්වන සමාගම් දන්නවා, රජය මේ ඖෂධ ප්‍රමිතිය පරික්ෂා නොකරන නිසා, මේ රටට බාල ඖෂධ ගෙන්වීමට හැකියාවක් සහ බල ඖෂධ ගෙන්වීමෙන් අධික ලාබ ලැබේ නම්, මොවුන් මිනිස්සු කොපමණ ප්‍රමාණයක් මැරුණත් ප්‍රශ්නයක් නොවේ. මේ වංචා පිටුපස රජය ඇතුළෙ අය ඇති බව පෙනේ.

කොවිඩ් සමයේ මුහුණු ආවරණ ගෙන්වීමේ දී, එම මුහුණු ආවරණයකට MRI එකේ අය එක් මුහුණු අවරණයකට රු. 10/=ක් ඉල්ලු බව අපි හොදින් දනී.

එපමණක් නොව, ඩොලර් 5/= කට 6/= කට ගෙන්වීමට හැකියාවක් තිබුණු ලෝක සෞඛ්‍ය අනුමත එන්නත් ගෙන්වීම නොකොට  එදා කොවිඩ් එන්නත් අධික මිලකට එනම් ඩොලර් 15කට චීනෙන් ගෙනාවේ දුෂණ නොවේ ද? මේවා භයානකම දුෂණ ය.

2022 මේ රටේ අර්බුධ අවස්ථාවේ පෙබරවාරි වනවිට, මහ බැංකුවේ දත්ත අනුව, මේ රටේ පුද්ගලික බැංකුවල විශේෂ ගිණුම් වලට පැමිණි ඩොලර් මිලියන 590ක් අවේ, මේ කොවිඩ් සමයේ කොමිස් මුදල් නොවේ ද? අදටත්, මේ රටේ ප්‍රමිතියට වැඩ නොකරන බව පෙනේ. නැත්නම් අදටත් රට පාලනය පිටුපස සිටින්නේ දුෂිත නිලධාරින්ම ද?

රජයේ වගකීම රටේ ජනතාව ආරක්ෂා කිරීම නොවේද? රජයේ අවධානයට යොමු වේවා...!

මෙයට,
රටට ආදරේ කරන,
ඒකීය රටක් වෙනුවෙන් අපි එක මුතුව.
ජයන්ත වෙදසිංහ

ජයන්ත වෙදසිංහ,
623/C, නවල පාර, රාජගිරිය,

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න