මේ වනවිට රට තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාව සඳහා සහන සැලසීමේ සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය මේ වනවිට ක්‍රියාත්මකය.
ඒ සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් Citrus හෝටලයෙන් උදෑසන, දිවා සහ රාත්‍රී ආහාරවේල් ලබාදීම සිදු කරයි.
තවද සියලුම දිස්ත්‍රික්ක සඳහා ද සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය දියත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයන්වලට ද ආහාර පිසීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මේ වන විට යවා ඇත.
ගං වතුරෙන් නිවාස තුළ සිර වී ඇති ජනතාව බේරාගැනීම සඳහා බෝට්ටු සේවයක්ද සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය තුළින් ක්‍රියාත්මක කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
