2024 ජනාධිපතිවරණයේ දී: බොරුව සහ මුළාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
2028 මුහුණ දීමට නියමිත අභියෝගය පිළිබඳව අවබෝධයක් අපිට තිබෙනවා
''සමගි ජන බලවේගය ජනතාවගේ දුක කඳුළ වේදනාව ප්‍රශ්න ගැටලු අවබෝධ කර ගන්නා ශක්ති සම්පන්න බලවේගයක් විය යුතු යි. ලක්ෂ 220ක් අප රටේ ජනතාව මෑත කාලයේ ජනාධිපතිවරණ දෙකක දී රැවටුණා. 2019 ජනාධිපතිවරණයෙන් පසු රට බංකොලොත් වුණා. 2024 ජනාධිපතිවරණයේ දී බොරුව සහ මුලාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණා. 2028 රට මුහුණ දීමට නියමිත අභියෝගය ගැන හොඳ අවබෝධයක් අපිට තිබෙනවා. 2028 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට සිදුවෙනවා. එය සිදු කිරිම නම් රටේ ආර්ථික වර්ධන වේගය වේගවත් විය යුතු යි. කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සංචාරක, සේවා ආදී සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් සිදුවිය යුතු යි.
එසේ කළහොත් පමණක් 2028 සිට ණය ගෙවීමට හැකි වුනත් මේ යන වේගයට ගියොත්, මේ යන ආකාරයට ආර්ථිකය වර්ධනය නොවුනහොත් ලැබිය යුතු සෘජු විදේශ ආයෝජනවලින් ලැබෙන්නේ තුනෙන් එකක් නම්, ණය ගෙවිය නොහැකිව නැවත වරක් බංකොලොත් වෙනවා.
මේ රජයත් පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තියම අනුගමනය කරනවා
පසුගිය රජයේ අයි. එම්. එෆ්. ගිවිසුම ගැන උපදෙස් දුන් ආර්ථික උපදේශකවරු කියන ආකාරයට මේ යන ක්‍රමයට නම් ණය ගෙවන්න බැරි බව කියනවා. ඒ අයම තමයි 2033 සිට ණය ගෙවිය යුතුව තිබිය දී 2028 ණය ගෙවිය යුතු වසර ලෙස තීන්දු කළේ. පසුගිය රජය ගිය ගමනම වත්මන් රජයත් යනවා. මේ රජයට ජනාධිපති පුටුව 159ක බහුතරයක් තියාගෙන, පළාත් පාලන ආයතනවල බහුතරයක් තියා ගෙන තවමත් පසුගිය රජයේ ගිවිසුම ම අනුගමනය කරමින් යනවා. පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තියම අනුගමනය කරනවා.
2028 දී ණය ගෙවන්න බැරි වුවහොත් 'බංකොලොත්' යන නාමය රටට ලැබෙනවා. අයි. එම්. එෆ්. එක 2033 සිට ණය ගෙවන්න ප්‍රමාණවත් යැයි කියද්දීත් 2028 ණය ගෙවන්න පොරොන්දු වෙලා තිබෙනවා. ඒ සඳහා මේ වසර තුනේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු යි. විදේශ සංචිත පවත්වා ගෙන යා යුතු වුවත් සිදු වන්නේ රැවටිල්ල බොරුව පමණයි.''
මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිනී කවිරත්න ඇතුළු දේශපාලන නායකයන් රැසක් එක්වූහ.