Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

'සිරිකොත' අලුත්වැඩියාව : අත්අඩංගුවට ගත් හිටපු ඉංජිනේරු අධ්‍යක්ෂක ඇප මත මුදාහරියි

'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා 2019 වසරේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 1.6කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කර ඇත.

ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත් විසින් සැකකරු වෙත කොන්දේසියක් පනවනු තිබේ.

ඉන් අනතුරුව පැමිණිල්ල යළි දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට නියම විය.