Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වෙයි

කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට 64වන වියේ පසුවිය.

ක්‍රීඩක ජයනන්ද වර්ණවීර 1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර වසර අටකට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කර ඇත.

පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වා ඇති ජයනන්ද වර්ණවීර 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 32ක් හා එක්දින කඩුලු 06ක් බිඳහෙළා තිබිණි.