හිටපු අමාත්‍ය ටිරාන් අලස් විසින් කරනු ලැබ ඇති අක්වෙරළ අයෝජන දෙකක් පිළිබඳව ''ජන අරගල සන්ධානය'' අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විනිමය පනත උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍යවරයා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් දූපතේ Bahama Ventures Limited සහ Bromption Propertiesහි පිළිවෙළින් බ්‍රිතාන්‍යය පවුම් 1,550,000ක් සහ 1,400,100ක අයෝජන සිදු කර ඇතැයි ඔක්තෝබර් 14 වන දා ජන අරගල සන්ධානය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) මගින් 'පැන්ඩෝරා පත්‍රිකා' හරහා ද මෙම අයෝජන පිළිබඳ හෙළි කර ඇති බව ද එම පැමිණිල්ලේ දැක්වේ.
පැමිණිලි දාලා මගහරිනවා ..
''ජන අරගල සන්ධානයේ'' පැමිණිල්ල සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කල විමසීමකදී හිටපු අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ, අදාළ චෝදනා සම්බන්ධ ඕනෑ ම විමර්ශනයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි..
දුමින්ද නාගමුව මීට ඉහතදී තමන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මෝල්ටාවේ අයෝජන කර ඇති බව පැවසූ බවත් ඔහු ඊට එරෙහිව කරන ලද පැමිණිල්ල ද මගහරින බවත් හිටපු ඇමතිවරයා බීබීසී සිංහල සේවය වෙත පවසා ඇත.
"එක පාරක් ඔය දුමින්ද නාගමුවමනේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කිව්වේ ජනාධිපති අනුර දිසානායකයි, මායි එකතු වෙලා මෝලාටාවේ සල්ලි දැම්මා කියලා. ඒකට CID එකට මම කම්ප්ලේන් කෙරුවා. CID එකෙන් එන්න කිව්වා ම පැත්ත පළාතේ ආවේ නෑ. අන්තිමට CID එක උසාවියට ෆැක්ට්ස් රිපෝර්ට් කෙරුවා මෙයා එන්නේ නැහැ කියලා. ඒ වගේ කතා තමයි ඔය, ඕවා මම ගණන් ගන්නේ නැහැ. ඕවට මම උත්තර දෙන්නෙත් නැහැ," යැයි ද හිටපු අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල වෙත පවසා තිබේ.
මීට පෙර අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ සහ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එක්ව යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ව්‍යාපාරයක් පවත්වා ගෙන යන බව 2023 අගෝස්තු මාසයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.