Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

රණවිරු දඩයම් ක්‍රියා දාමයේ ප්‍රධාන ම  පුද්ගලයා ශානි අබේසේකර - සුගීෂ්වර බණ්ඩාර

පුනරුද ආණ්ඩුව  විසින් තමන්ට ප්‍රතිවාදි මත දරණ දේශපාලන නායකයින්, රණවිරුවන්  ප්‍රබල ලෙස දඩයම් කරමින් සිටින අතර ඒ දඩයම් ක්‍රියා දාමයේ ප්‍රධානතම  පුද්ගලයා වවන්නේ ශානි අබේසේකර යැයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක නාගරික මන්ත්‍රී පූජ්‍ය  වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේට කෝට්ටේ සංඝ සභාව විසින් අද දින පිරිනමන ලද ගෞරව සම්මාන උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...



ආණ්ඩුව ස්වාධීන පොලිස් කොමිෂන් සභාව බෙලහීන කරලා
 

''දැවැන්ත චෝදනා රැසක් තිබිය දී ශානි අබේසේකර වැනි අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස නැවත සේවා දිගුවක් ලබා දීම තුළින් පුනරුද ආණ්ඩුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා කිව්වට දැන් මේ උත්සහා කරමින් සිටින්නේ වෛරී රටක් නිර්මාණය කිරීමට යි. පුනරුද ආණ්ඩුව  සමස්ත පොලිසීය දේශපාලනීකරණය කිරීම තුල  ලැජ්ජ විය යුතු යි.

පොලිසීය දේශපාලනීකරණය කිරීමේ අතුරු ප්‍රතිඵල පුනරුද ආණ්ඩුවට ම තව නොබෝ දිනකින් අත්විදීමට සිදුවනවා. විශේෂයෙන්ම 2001 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යතුමා විසින් ස්ථාපනය කළ  ස්වාධීන පොලිස් කොමිෂන් සභාව බෙලහීන කර එහි බලතල පොලිස්පතිතුමාට ලබා දීම තුළින් ආණ්ඩුව උත්සහා කරන්නේ තමාට හිතවත් පොලිස් නිලධාරින්  එහි ස්ථාපිත කරන්න.


කුරුණෑගල මහාධිකරණයෙන් ශානිට පාඩමක්


ගෙවුණු 'පුනරුද' වසර තුල රටේ ජනතාවගේ ගැටලු එකක්වත් නොවිසඳුවට මේ වනවිට පොලිස් ස්ථානාධිපතිවරුන් සීයයකට ආසන්න ප්‍රමාණයකට නියමිත පරිදි කරුණු ගොනු නොකොට කිසිදු පරීක්ෂණයකින් තොරව ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඔවුන් මේ වනවිට කිසිදු රාජකාරියක් නොමැති නිලධාරින් බවට පත් කරලා. මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය නිලධාරින්ගෙන් නිසි සේවයක් නොගෙන ඔවුන් සංචිතව තැබීම තුළ පුනරුද ආණ්ඩුව බලාපොරොත්තුවන්නේ කුමක්ද කියලා අපිට තේරුම් බැහැ.

ඒ වගේම අවුරුද්දක් ගතවෙලත් පුනරුද ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ ජනරාල් වරයකු පත් කරන්න. ඒ සඳහා එතුමන්ලා තෝරා ගෙන සිටින ප්‍රබන්ධන සූරී ශානි අබේසේකරට ඊයේ දිනයේ දී කුරුණෑගල මහා අධිකරණයෙන් හොඳ අවවාදක් ලැබුණා.  ඒ තමයි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදය දෝෂ සහිත බව කුරුණෑගල මහා අධිකරණයේ ගරු විනිසුරුතුමන් විසින් ප්‍රකාශ කර සිටීම. කිසිදු පැහැදිලි සාක්ෂියක් නැතිව නිශාන්ත උළුගේතැන්න වැනි මේ රටේ ඒකිය බාවය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ නිළධාරින්ව අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන දින 90 කට වඩා වැඩි කාලයක් රදවා තබා ගත්තේ කාගේ අවශ්‍යයතාවයකට අනුව ද කියලා අපි ශානි අබේසේකරගෙන් වගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගෙන් ද ප්‍රශ්න කරනවා.


මාලිමා ආණ්ඩුව යටතේ සමස්ත පොලීසිය ම දේශපාලණීකරණය වෙලා


පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව සිටි ශානි අබේසේකර වැනි පක්ෂග්‍රාහි දේශපාලනික චරිත සඳහා මේ වැනි වැදගත් තනතුරු ලබා දීලා නැවත 2025.10.10 වන දින සිට වසරක සේවා දිගුවක් ලබා දීලා තියෙනවා. අපි අහන්නේ ඔහුටම මේ තනතුර ලබා දෙන්නේ මේ රටේ ඊට වඩා දක්ෂ පොලිස් නිලධාරින් නැද්ද. එතුමා සම්බන්ධව විවිධ චෝදනා තිබිය දී එතුමා වෙනුවෙන් මෙවැනි තනතුරු වරප්‍රසාද දෙන්නේ මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් වේදිකාවක් ,වේදිකාවක් ගානේ ගිහිල්ලා කතා කරපු නිසාද? ඒ නිසා මාලිමා ආණ්ඩුව යටතේ සමස්ත පොලීසිය දේශපාලණීකරණය වෙලා තියෙනවා. ඒක පොලිස්පතිවරයා සිට පහළ දක්වාම අපි දකිනවා.

ඒනිසා අපි ආණ්ඩුවට කියන්නේ, අනුර කුමාර ජනාධිපතිතුමාට කියන්නේ නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගත් නිශාන්ත උළුගේතැන්නට සාධාරණයක් කරන්න. මොකද දින 90 කට වඩා වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එතුමාගේ කීර්ති නාමයට සිදු වු හානිය වගේ ම එතුමාට සිදු වු අපහාසය වගේ ම එතුමාගේ දරු පවුල මුහුණ දුන් අභියෝගයන්ට මේ වනවිට කවුරුන්ද වග කියන්නේ. මේ සිදු කර තිබෙන්නේ සහගහන අපරාධයක්. ඉදිරි ආණ්ඩුවක් තුළදී මේ සිදු කළ අයුක්ති සහගත ක්‍රියාවට විරුද්ධව උළුගේතැන්න වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කිරීම සඳහා අප පෙනී සිටිනවා.


අපරාධ සිදු කරන දෙපාර්තමේන්තුව


ඒ නිසා අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන්ට කියනවා ශානි අබේසේකර වැඩ කරන්නේ කාගේ උවමනාවකට ද කියලා හොයලා බලන්න. අපිට ලොකු සැකයක් තියෙනවා මේ ශානි අබේසේකර වැඩ කරන්නේ ඩයස් පෝරාව සතුටු කරන්න ද කියලා. ඔවුන්ගේ සිහින ඊළාම් රාජ්‍යය බිදවැටුණේ නිශාන්ත උළුගේතැන්න වැනි දක්ෂ නිලධාරින් මහමුහුදේ ජීවිත පරිත්‍යාගයෙන්  සටන් කර අවි ආයුධ සහිත බෝට්ටු උතුරට යන්න නොදී රැකගත් නිසා. දේශපාලනඥයින්ගේ නිවෙස්වලට ගොස් ඕනම දෙයක් කරන්නම්, ගෙදර වළං හරි සේදිය හැකි බව ප්‍රකාශ කළ ශානි අබේසේකර  වගකීම් විරහිතව ක්‍රියා කිරීම නිසා පාස්කු ප්‍රහාරයේ  චෝදනා එල්ල වුණු තනි දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනි සිටි මෙවැනි නිලධාරියකු  වෙනුවෙන් සේවා දිගුවක් ලබා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙන බව අපට පැහැදිලියි.  

නිශාන්ත උළුගේතැන්න වැනි ශ්‍රේෂ්ඨ නිළධාරින් වෙනුවෙන් මේ සිදු කරන ලද සහසික ක්‍රියාව පිළිබඳව කරුණු විමසා බැලිමේ දී පැහැදිලි වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ අපරාධ කරුවන් වෙනුවෙන් පරීක්ෂණ සිදු කරන ආයතනයක් වෙනුවට අපරාධ සිදු කරණ ආයතනයක් බවට පත් වී ඇති බව යි. එම නිසා අපි අනුර කුමාර ජනාධිපතිතුමාට කියන්න කැමතියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නම "අපරාධ සිදු කරණ දෙපාර්තමේන්තුව" ලෙස වෙනස් කරන්න කියලා.''