අගමැති හරිනි හෙට (12) චීන සංචාරයක - අනතුරුව ඉන්දියාවට !

අගමැති හරිනි හෙට (12) චීන සංචාරයක -  අනතුරුව ඉන්දියාවට !

මහජන චීන සමූහාණ්ඩුවේ රජයේ ආරාධනාවකට අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 12 සිට 14 වැනි දින දක්වා චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය.

සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සමුළුව එක්ව සංවිධානය කරන, "කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීම" අමතමින් "පොදු අනාගතයක්: කාන්තාවන්ගේ සමස්ත සංවර්ධනය සඳහා නව සහ වේගවත් ක්‍රියාවලියක්" යන තේමාව යටතේ බීජිං හිදී කථනයක් පවත්වනු ඇත.

අග්‍රාමාත්‍යවරිය, චීන ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති ලී ච්‍යං යන මැතිවරුන් ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ රැස්වීම් පැවැත්වීමටද නියමිතය.

 

අග්‍රාමාත්‍යවරිය එන සතියේ ඉන්දීය නිල සංචාරයක

 

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ලබන සතියේ ඉන්දියාවේ පැවැත්වෙන එන්.ඩී.ටී.වී (NDTV) ලෝක සමුළුවට සහභාගී වීමට නියමිත බව එම රූපවාහිනී සේවය පවසයි.

අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදු කෙරෙන සිය ප්‍රථම ඉන්දීය නිල සංචාරයෙදී ඇය ඊට සහභාගී වේ.

මෙම මස 17 සහ 18 යන දෙදින, නදිල්ලියේ පැවැත්වෙන එම ජාත්‍යන්තර සමුළුවට ලෝක නායකයන් රැසක් සභාගි වීමට නියමිතය.

ඉන්දීය නිල සංචාරය, දෙරට අතර වෙළඳ, ආයෝජන, අධ්‍යාපන සහ සංවර්ධන ආදී ක්ෂේත්‍ර රැසක සහයෝගිතා ප්‍රවර්ධනයට මනා රුකුලක් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරිය පවසයි.

එන්.ඩී.ටී.වී (NDTV) ලෝක සමුළුවේදී, ජාත්‍යන්තර සහයෝගිතාව පිලිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය මෙන්ම ඉදිරි දර්ශනය සහ ආර්ථික ශක්‍යතා පිළිබඳවද ලෝක නායකයන් හා අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටී.

ඉන්දීය එන්.ඩී.ටී.වී (NDTV ) මාධ්‍ය ජාලය විසින් මෙම ලෝක සමුළුව සංවිධානය කර තිබේ.

Prime Minister Harini to attend Global Leaders’ Meeting on Women in China

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න