අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ මස්සිනා ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු ඊයේ පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක්, පිස්තෝලයක් සහ මැගසිනයක් සොයාගෙන තිබේ
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මහත එහි ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතා විසින් සිදුකරනු ලබයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
