පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා - අමාත්‍ය කුමාර ජයකොඩි

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා - අමාත්‍ය කුමාර ජයකොඩි

රජය විසින් ගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.



අමාත්‍යවරයා පැවසුවේ කෙසේ නමුත් එම ව්‍යාපෘති හේතුවෙන් ජනතාවට මතුවන ගැටලු මානුෂිකව සලකා බලා ඒවා විසඳීමට ගත හැකි සියලු පියවරද ගන්නා බවය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල හියාර ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවෝට් 05ක සූර්යබලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ 04) එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ජාතික අවශ්‍යතාවක් සහ ජාතික වැඩපිළිවෙළේ කොටසක් වන බවත් සියල්ලන් වටහා ගත යුතු බවත්ය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා,

“ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙළත් ඒ වගේ තමයි. විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සහතික කරන එක රජයේ ප්‍රතිපත්තිය බවට පත්කරගත්ත රජයක් මේ තියෙන්නේ. සේවක අයිතිවාසිකම් වරප්‍රසාද රකිමින් හැකි සෑම විටම වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ජා කරමින් ඉතාම සද්භාවයෙන් හා විවෘතව ඒ වැඩපිළිවෙල අපි දියත් කළා. රටේ බලශක්ති ක්ෂ්‍රේත්‍රයේ අරමුණු දිනාගන්න නම් ඔය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ වැඩපිළිවෙලත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.”

 

Screenshot 2025 10 05 132719

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න