හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි ව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන වත්කම් විමර්ශනයකට අදාළව සහය නොදීමේ චෝදනාව යටතේ ය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
අයථා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ද කැදවා තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
