තමන් විසින් භාරදී ඇති තම වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න නොවිසුමන ලෙස දෙරණ 360 නාලිකාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යවේදී කවිඳු කරුණාරත්නට ඊයේ දැනුම් දුන්නේය.
එසේම අඳාළ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතී නම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.
එමෙන්ම ඔහු තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට මාධ්‍යයට අවස්ථාව ලබාදිය නොහැකි බව ද ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ තව වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ දකින කෙනාට පාරෙදි හම්බවුණාම හම්බ වූ අවස්ථාවල ප්‍රශ්න කිරීමට නොවන බවය.
කෙසේ වෙතත් උණුසුම් සංවාදයකින් අනතුරුව මාධ්‍යවේදියා තම ප්‍රශ්නය ඇසීමේ අයිතිය ලබා ගත්තද එහිදී විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.
'' අපි දෙන්නා මෙතන විභාගයක් කරන එක සාධාරණ නැහැ. මේක ක්‍රමය නෙවෙයි. මම ඕකට උත්තර දෙන්න බැඳිලා නැහැ. අල්ලස් හෝ දූෂණ කොමිෂම මේවා ප්‍රසිද්ධ කරල තියෙන්නෙ දකින දකින කෙනාට පාරදි හම්බුනාම අහල ප්‍රශ්න කරන්න නෙමෙයි. හරිද?. පරීක්ෂණ ක්‍රියාවලියක් ඇතුළෙ ඕන කෙනෙකුට පුළුවන් අදාල වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ලිඛිතව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා පරීක්ෂණයක් ඉල්ලන්න"
එහිදී විමසන ලද ප්‍රශ්ණ වෙනුවෙන් උත්තර දැක්වීද ඇමතිවරයා ප්‍රතික්‍ෂෙප කලේය.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
