Language Switcher

Ad

Ad 01

V2025

හිටපු ඇමති ටිරාන්ට අවසන් නිවේදනයක් !

මෙරටින් පලාගොස් විදෙස්හි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ගෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත දිගින් දිගටම මරණිය තර්ජන එල්ල වෙමින් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භකර ඇති බවත් වාර්තාවේ.

 'යුක්තිය' මෙහෙයුම නිසා තම සාමාජිකයින්ට රටින් පලායාමට සිදුවුබවත්, ඒ නිසා තමන්ගේ ව්‍යාපාර විනාශ වූ බවත් පවුල් බිඳී විසිරි ගිය බවත් සඳහන් කරමින් , අනිවාර්යයෙන්ම එයට පලිගන්නා බවත්, ජිවිතයෙන් වන්දි ගෙවීමට සුදානම් වන ලෙසත් දන්වා අරාබි රාජධානියෙන් ටිරාන් අලස් වෙත නිර්නාමික ලිපියක් පලමුවරට යොමුකර තිබුනේ පසුගිය මැයි 04 දිනය සහිතවය.

පසුගිය ජුලි 09 දා එම ලිපිය හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලැබී ඇති අතර වහාම එම ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව ටිරාන් අලස් වෙතින් ප්‍රකාශයක් ලබාගෙන විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබිණ.

මේ අතර පසුගිය අගෝස්තු 28 දිනද '' අවසන් නිවේදනයක්'' ලෙසට තර්ජනය කරමින් ඩුබායි සිට හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලිපියක් ලැබී ඇත. එම ලිපියේ මුද්‍රා සටහන් අනුව එය තැපැල් කර ඇත්තේ ජුලි 16 දිනයි.

කොතරම් ආරක්ෂාවක් යටතේ සිටියද වැඩි දිනක් යාමට පෙර මරාදමන බවට එම ලිපිය මගින් තර්ජනය කර ඇතැයි වාර්තාවේ.

හිටපු අමාත්‍යවරයා විසින් එම ලිඛිත ලිපියද පොලිස්පති වරයාට යොමුකර ඇති බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

The leader.lk